Darling (2010)
(සිංහල උපසිරසි සමඟ)
මේක තෙළිඟු love story එකක්. මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක්. ඒ තමයි Prabhas. මෙයාගෙ තව සුපිරි ෆිල්ම් ගොඩාක් තියෙනවා. ඒ වගේම මේකෙ ඉන්න නිළියත් Kajal Agarval කියන සුරූපී නිළිය. එතකොට මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.Karunakaran. IMDb ratings වල 7.3/10 ක් අරන් තියෙනවා. 2010 අප්‍රේල් 23 තමයි ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. ඒත් ෆිල්ම් එක විතරක් තියෙනවා නම් සබ් එකත් එක්ක බැලුවට පාඩුවක් වෙන් නෑ. මොකද මේක ලස්සනම ලස්සන ආදර කතාවක්.
පාසල් කාලේ මිතුදමක් යාළුවො සෙට් එකක් එක්ක නොකඩවා අවුරුදු ගාණක් තියාගන්නවා. එයාලගෙන් “හනුමන්ත් රාඕගෙ” පුතා තමයි ‘ප්‍රභාෂ්’ ඒ වගේම “විශ්වම්ගෙ” දුව තමයි ‘නන්දනී’ කියන්නෙ. මෙයාලා තමයි ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවලා තියෙන්නෙ. ඒ දෙන්නා මුලින්ම හමුවෙන්නෙ යාළුවො සෙට් එක එකට එකතු වෙන දවසක. එතකොට එයාලා ගොඩාක් පොඩියි. දෙන්නා කරන නර්තනයකින් තමයි දෙන්නට දෙන්නා අඳුන ගන්නෙ. ඊට පස්සෙ නන්දනී යනවා ස්විස්ටර්ලන්තෙට. එතන ඉඳලා කතාව වෙනස්ම විදිහකටයි යන්නෙ. ප්‍රභාෂ් පාතාලෙ නායකයෙක්ට කතාවක් කියන හැටි, එතකොට නන්දනියි ප්‍රභායි ආයෙත් මුණගැහෙන හැටි, එයාලා එකතු වෙන හැටි. ඒ අතරතුර සිදුවන හැම සිදුවීමක්ම ලස්සනටම තියෙනවා. ඔයාලම බලන්න. බලලා රස විඳින්න. ආදරේ කියන දේ කොච්චර සුංදරද කියලා හිතෙයි මේ කතාව බැලුවම.
ඔයාලගෙ ඕනම අදහසක් දක්වන්න මට. තවත් සිංහල උපසිරසයකින් හමුවෙමු. ජය වේවා.!
